ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකිකයින් වැඩි පිරිසක් වාසය කරන මෙල්බන් නුවර අයත් වික්ටෝරියා ප්‍රාන්තය කොරෝනා වසංගතය හමුවේ අගුලු දැමීම් අවම කරමින් 
ලිහිල් නීති අඩු කළ බවට නිවේදනය කර තිබේ.
'ප්‍රවේශම් සහගත ඊළඟ පියවර' නමින් නම් කරමින් සුළු විවේකයක් යටතේ තවත් මිතුරන් හා පවුලේ අය බැලීමට අවස්ථාව ලැබෙනු ඇතැයි එහි සඳහන් වෙයි.

රැස්වීම් ආදිය පැවැත්වීමේදී - පිටතදී පුද්ගලයින් දහ දෙනෙකු දක්වා සහ නිවසකදී අමුත්තන් පස් දෙනෙකු දක්වා අවසර දෙනු ලැබේ. සමාජ දුරස්ථ නීති රීති අනුගමනය කරමින් එළිමහන් ක්‍රීඩා කිරීමට නිවැසියන්ට හැකි වන අතර අවමංගල්‍ය කටයුතු සඳහා වැඩි පිරිසකට සහභාගී විය හැකිය.
මෙම වෙනස්කම් අඟහරුවාදා රාත්‍රී 11.59 ට (GMT 13:59) ක්‍රියාත්මක බවද නිවේදනයේ දන්වා ඇත.