කොරෝනාව නිසා නිවෙස් වල වැඩි වශයෙන් භාවිතාවන යෙදුමක් බවට පත්වී තිබෙන ෆේස්බුක් මහජනතාවගේ හැඟීම් වලට සැලකිලිමත් වී ඇති අතර හැඟීම ප්‍රකාශ කිරීම සඳහා නව ඉමෝජි දෙකක් එළිදක්වා තිබේ. ෆේස්බුක් සහ මැසෙන්ජර් ගිණුම් සඳහා ප්‍රතික්‍රියා දැක්වීමේදී මෙම ඉමොජි දෙක දැන් එම පරිශීලකයින්ට පෙන්වනු ඇත.




ෆේස්බුක් විධායකයෙකු වන ඇලෙක්සැන්ඩ්රු වොයිකා ට්විටර් හරහා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ  “මෙම පෙර නොවූ විරූ කාලය තුළ එකිනෙකා සමඟ සහයෝගය බෙදා ගැනීමට මිනිසුන්ට මාර්ගයක් සැපයීම අපේ උවමනාව වුණා” යනුවෙනි.
එක් ඉමොජියක් හදවතක් අල්ලාගෙන සිටින සිනහවක් සහිත ඉමොජි මුහුණක් මෙන් වන අතර අනෙක රතු පැහැයෙන් යුත් ඉඟි සහිත දම් පැහැති හදවතකි. එය අතථ්‍ය වැළඳගැනීමක් ලෙස හැඳින්වේ.care reaction emoji ලෙස ෆේස් බුක් මේවා නම් කර තිබේ.