පූර්ව මැතිවරණ කාලය තුළ කැබිනට් අමාත්‍යාංශ කිහිපයකට නව ලේකම්වරුන් පත් කිරීමට රජය ගත් තීරණය නීති විරෝධී නොවන බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය විසින් ඊයේ (13) ප්‍රකාශ කරනු ලැබ තිබේ.



රටේ පූර්ව මැතිවරණ සමය තුලදී මැතිවරණ ලේකම් කාර්යාලයේ විෂය පථයට කැබිනට් අමාත්‍යාංශ අයත් නොවන බැවින්, එවැනි අමාත්‍යාංශවලට ලේකම්වරුන් පත් කිරීම හෝ වෙනස් කිරීම සිදු කළ හැකි බව මැතිවරණ අධ්‍යක්ෂ ජනරාල් එම්.කේ. සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි

මීට පෙර පැවති මැතිවරණවලදී ද මෙවැනි සිදුවීම් සිදුව ඇති බව වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පවසා සිටියි.

පූර්ව මැතිවරණ සමයේදී විශ්‍රාම ගිය අමාත්‍යංශ ලේකම්වරුන් වෙනුවෙන් පුරප්පාඩු පිරවීම වැනි කාරණා වලට අදාලව ප්‍රායෝගික ගැටළු පවතින බව එම මහතා පවසයි.

සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ධූරය ඇතුළු ලේකම් තනතුරු කිහිපයක් වෙනස් කිරීමට රජය ගත් තීරණය මැතිවරණ නීතිය උල්ලංඝණය කිරීමක් බවට කරන ලද චෝදනා වලට පිළිතුරු දෙමින් මැතිවරණ මහ ලේකම් කාර්යාලය මේ පැහැදිලි කිරීම කරන ලදි.