පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් නිශ්චිත දිනයක් තව සතියකින් හෝ දෙකකින් ප්‍රකාශයට පත් කළ හැකි යැයි අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමැති ඩලස් අලහප්පෙරුම පැවැසීය.



පාසල් සෞඛ්‍යාරක්ෂිත තත්ත්වයට පත් කිරීමට හැකි නමුත් පොදු ප්‍රවාහනය දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව සහතික වන ලෙස හැඩගස්වා ගැනීම අභියෝගයක් බව කී ඇමැතිවරයා, පාසල් සිසුන් ලක්ෂ හතළිස් තුනෙන් අඩකට වැඩි පිරිසක් පාසල් පැමිණෙන්නේ පොදු ප්‍රවාහන සේවයෙන් බවද කීවේය. අධ්‍යාපන අමාත්‍යාංශයේ ඊයේ (26) පැවැති මාධ්‍ය හමුවක දී මේ බව පැවැසූ ඇමැතිවරයා අමාත්‍යාංශ නිලධාරීන් හා සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන් එක්ව මේ පිළිබඳව සාකච්ඡා කළ යුතු බවද කීවේය.

’මේ සතිය හොඳ අධ්‍යයන සතියක්. අධ්‍යාපන හා සෞඛ්‍ය බලධාරීන් මේ සතිය හොඳින් අධ්‍යයනය කරයි. කොහොමද රට හැසිරෙන්නේ. කොහොමද පොදු ප්‍රවාහනය හැසිරෙන්නේ කියලා අපිට දැක ගන්න පුළුවන්. පොදු ප්‍රවාහනය දරුවන්ගේ ආරක්ෂාවට අවශ්‍ය ලෙස හැඩ ගස්වන්නේ කොහොමද? අපිට එතරම් බස් ප්‍රමාණයක් නැහැ. මෙවැනි ගැටලු තියෙනවා.

නිලන්ත මදුරාවල