කාල්ටන් ස්පෝට්ස් නෙට්වර්ක් හෙවත් සි.එස්.එන්.නාලිකාවේ විකාශන අයිතිය අත්හිටුවමින් පසුගිය රජයේ ජනමාධ්‍යඅමාත්‍යාංශයේ ලේකම්වරයා ගත් තීරණය ඉවත් කර ගැනිමට නව රජයේ තොරතුරු සහ ජනමාධ්‍ය
අමාත්‍යාංශය අද අභියාචනාධිකරණයේ දී එකගත්වය පළ කර තිබේ.

ඒ අනුව තම විකාශන අයිතිය අත් හිටුවීමට ගත් තීරණය  අභියෝගයට ලක් කරමින් සි.එස්.එන් පුද්ගලික සමාගම ගොනු කළ රිට් පෙත්සම සියලු පාර්ශ්වයන්ගේ එකගතාවය මත සමථයකට පත් වන ලදී .

මේ අතර සි.එස්.එන් රූපවාහිනී නාලිකාවෙ විකාශන වලට අදාළ සංඛ්‍යාත පෙර තිබූ තත්ත්වයෙන් පවත්වාගෙන යාමට විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාව අභියාචනාධිකරණයේ දී එකගත්වය පල කරන ලදී .

කාල්ටන් ස්පෝට්ස් නෙට්වර්ක් ආයතනය විසින් ගොනු කළ මෙම පෙත්සමින්  ජනාමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුලු පාර්ශව හතරක් වග උත්තරකරුවන් ලෙසට නම් කොට ඇත .