කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් අසීරුතාවට පත්ව එක්සත් රාජධානියේ සිට මෙරටට රැගෙන
ආ ශ්‍රී ලාංකිකයන් පිරිස අතර සිටි එක් තරුණියකට Covid - 19 රෝග ලක්ෂණ තිබීම හේතුවෙන් ඇයව

මීගමුව මහ රෝහලට යොමුකර තිබේ.

ඇය ඊයේ මීගමුවේ හෝටලයකට නිරෝධායනය සඳහා ගොස් තිබෙන අතර මෙම ලක්ෂණ පහළවී ඇත.
රෝහලට ගිය පසුව ඇයව පී.සී.ආර්. පරීක්ෂණයකට යොමු කළ බව ගුවන් තොටුපොළ හා ගුවන් සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී. ඒ. චන්ද්‍රසිරි මහතා මාධ්‍යට පවසා තිබේ. තවම රෝගය තහවුරුවී නැත.
මේ අතර කොළඹ ජාතික රෝහලේ විශේෂ ශ්‍රේණියේ හෙද පාලිකාවකට අද දින කොරෝනා වැළඳී ඇති බවට  තහවුරු වූ අතර ඇය මාළඹේ පදිංචිකාරිනියක් වන බව හෙළිවිය. ඇය දැනට අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබයි.