බංග්ලාදේශයේ චිතගොන් හි සිටින ශ්‍රී ලාංකිකයෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වි ඇති බවට
තහවුරු වී තිබේ.
48 හැවිරිදි ඇගලුම් අංශයේ සේවය කරන ශ්‍රී ලාංකිකයෙකුට මෙලෙස වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බව එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

මේ වන විට බංග්ලාදේශයෙන් කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වූ රෝගීන් 11,719 දෙනෙකු හදුනාගෙන ඇති අතර සිදුව ඇති මරණ ගණන 186ක්.