නල්ලතන්නිය පොලිස් වසමට අයත් ලක්ෂපාන වලමලෙයි වත්තේ මන්දකට හසු වි මුදාගත් කළු කොටියා අද (29) දින උදැසන උඩවලව ඇත් අතුරු සෙවනේදි මිය ගිය බව නල්ලතන්නිය වනජිවි කාර්යයාලයේ නිලධාරින් ප්‍රකාශ කර ඇත.



සීත ප්‍රදේශවල සැරිසැරූ මෙම කොටියාට අවශ්‍ය පරිසර උෂ්ණත්වය ලබාදීම සඳහා වායුසමනය කරන ලද විශේෂ කුටියක රඳවා සිටි බවයි උඩවලව ජාතික වනෝද්‍යානයේ පශු වෛද්‍ය මාලක අබේවර්ධන මහතා කියා සිටියේය.

එමෙන්ම ඔවුන් CCTV තාක්ෂණය ඔස්සේ දෛනිකව කොටියාගේ චර්යා රටාවන් නිරීක්ෂණය කරනු ලැබුවේය. ඒ නිරන්තර මිනිස් වාසයෙන් තොරව කොටියාට වාසය කිරීමට අවස්ථාව සලසාදීමේ අරමුණිනි.

මිය ගිය කොටියාගේ පශ්චාත් මරණ පරික්ෂණය එම රෝහලේදි සිදු කිරිමට නියමිතයි.