වත් කොරෝනා ආසාදිත අයෙකු අද (20) හමුවී තිබෙනවා. ඒ අනුව සම්පුර්ණ රෝගීන් ගණන 1028 දක්වා ඉහළ ගියා.

අද වාර්තාවූ කොරෝනා ආසාදිතයා ශ්‍රී ලංකාවට ඊයේ (19) කුවේටයේ සිට පැමිණි අයෙකු බව වාර්තාවේ.
කුවේටයේ නීතිවිරෝධී ලෙස රැදී

සිටින්නන් සඳහා එරට රජය ප්‍රකාශයට පත් කළ සමා කාලය යටතේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 460 දෙනකු ඊයේ (19) දිවයිනට ගෙන්වා ගත් අතර කුවේටයේ සිට පළමු කණ්ඩායම ඊයේ (19) දින  'කුවේට් එයාවේස්' සමාගමට අයත් ගුවන් යානා දෙකකින් මෙරටට ගෙන්වා ගැනීම සිදු විය.
මෙරටට පැමිණෙන පිරිස නිරෝධායන මධ්‍යස්ථානවලට යොමු කරන්නට සූදානම් කර රෝග ලක්ෂණ පෙන්වූ අය පීසීආර් පරීක්ෂණයට යොමු කිරීමේදී මෙම රෝගියා හමුවී ඇත.

කුවේටයේ 19000 කට ආසන්න ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් නීතිවිරෝධී ලෙස රැඳී සිටින බවට විදේශ සබඳතා අමාත්‍යාංශය මීට පෙර ගණනය කර තිබිණි. නිරෝධායන මධ්‍යස්ථානවල පවතින ඉඩකඩ අනුව කුවේටයේ සිටින පිරිස් මෙරටට ඉදිරියේදීද ගෙන්වන්නට අමාත්‍යංශය සූදානමින් සිටී.