[Trending][btop]
[News][stack]

ඇඳිරි නීතිය උල්ලංඝනය කළ 55,706 අත්අඩංගුවට

ඊයේ (15) උදෑසන 06.00 සිට අද (16) උදෑසන 06.00 දක්වා වූ පැය 24 ක කාලය තුළ ඇදිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන්  පුද්ගලයින් 559 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.


මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව 55,706ක්.

ඇදිරි නීතිය උල්ලංඝනය කිරීමේ සිද්ධීන්වලට අදාලව පුද්ගලයින් 12,482 දෙනෙකුට එරෙහිව නඩු පවරා ඇති අතර පුද්ගලයින් 4808 දෙනෙකුට දඩුවම් පැනවූ බව පොලිස් මූලස්ථානය සදහන් කරයි.