
අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ හමුවේදී කියා සිටියේ මැතිවරණ කොමිෂන් සභාව විසින් යොමුකර ඇති ලිපියක් ඊට හේතු වූ බවයි.
රට සාමාන්‍ය තත්ත්වයට පත්ව ස්වකීය ජන ජීවිතයේ කටයුතු ඉටුකර ගැනීමට හැකියාවක් පවතින්නේ නම් ජුනි මාසයේදී ද එම ආධාරය ලබාදීමේ සැබෑ අවශ්‍යතාවක් තිබේද යන්න සළකා බැලීම අවශ්‍ය වන්නේ යැයි මැතිවරණ කොමිසම දක්වා තිබුණා.
මෙම මූල්‍යාධාර ලබාදීම හරහා කිසිදු දේශපාලන ප‍්‍රවර්ධනයක් සිදු නොවිය යුතු බවට ජනතාව දැනුවත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කි‍්‍රයා කරන බවද අදාළ ලිපියේ සදහන් වන බව ඔහු සඳහන් කළේය.
අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාද ඊයේ (20) පස්වරුවේ ප‍්‍රකාශ කළේ මැතිවරණ කොමිසමේ ඉල්ලීමට ද කන් දීමට ආණ්ඩුවට සිදුවන බවයි.