හුස්ම හිරවීමේ අවදානමක් ඇති බැවින් වයස අවුරුදු 2ට අඩු දරුවන්, ළදරුවන්ට හා ළමයින්ට මුහුණු ආවරණ පැලඳීමෙන් වැළකිය යුතු බවත්, වයස අවුරුදු 3 සිට 5 දක්වා පෙරපාසල් දරුවන්ට මුහුණු ආවරණ පැලදීමේ සංකල්පය ඉගැන්විය හැකි බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථාන හා
පෙරපාසල්වලට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ගේ සඳහන් වේ.

ප්‍රාදේශීය සෞඛ්‍ය අධිකාරිය විසින් ඉහළ අවදාද මක් සහිත ප්‍රදේශ බවට තහවුරු කළ ප්‍රදේශ තුළදිවා සුරැකුම් මධ්‍යස්ථාන හා පෙරපාසල් ක්‍රියාත්මක නොවිය යුතු බවත්, එම දිවා සුරැකුම් මධ්‍යස්ථාන හා පෙරපාසල් කළමනාකාරිත්වය මගින් අමාත්‍යාංශය විසින් ලබාදී ඇති මාගෝපදේශ අනුගමනය කරන බවට සහතික කර පළාත් පාලන ආයතනයට හා ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා වෙත යොමු කිර්ම අනිවාර්ය බවත් එහි සඳහන් වේ.

කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, උණ වැනි යම් රෝගී තත්වයක් ඇති දරුවන් පෙරපාසල්වලට හෝ දිවා සුරැකුම් මධ්‍යස්ථානය වෙත නොඑවීමට දෙමාපියන් වගබලා ගත යුතු බවත්, පෙරපාසල හෝ දිවා සුරැකුම් මධ්‍යස්ථානය තුළදී එවැනි යම් රෝගී තත්ත්වයක් මතු වුවහොත් එම දරුවන් වෙන් කර තැබීම සඳහා යහනක් සහිත ස්ථානයක් පැවතිය යුතු බවත් ඇතුළු සෞඛ්‍යාරක්ෂිත උපදෙස් මාලාවක් අමාත්‍යාංශය  මඟින් කළමනාකාරීත්වයට, ගුරුවරුන්ට හා දෙමාපියන්ට ලබා දී තිබේ.

(නවෝද්‍යා පවනි)