අද (29) රාත්‍රී 12 සිට 31 රාත්‍රී වනතුරු නුවර එළිය දිස්ත්‍රික්කයට විශේෂ ඇඳිරි නීතියක් පනවා ඇත.
එයට හේතුවන්නට ඇත්තේ ආරුමුගම් තොන්ඩමන් මහතාගේ අවමංගල කටයුතු අතර සෙනග එක්රැස්වීම
වැළැක්වීමය.
මෙම ඇඳිරි නීති පැනවීමට පෙර ඊයේ 28 පැනවූ ඇඳිරි නීති විධාන එලෙසම ක්‍රියාත්මක වන අතර ඒවා යළි පහත දක්වමු.

 මැයි 31 ඉරිදා, දිවයිනේ සියලු දිස්ත්‍රීක්කවල දවස පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරේ.

 ජූනි 01 සඳුදා සිට ජූනි 03 බදාදා තෙක් සියලු දිස්ත්‍රීක්කවල ඇඳිරි නීතිය බලපවත්වන්නේ පෙර පරිදි රාත්‍රී 10.00 සිට අළුයම 4.00 දක්වාය.

 ජූනි 04 බ්‍රහස්පතින්දා සහ ජූනි 05 සිකුරාදා දෙදිනම රට පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙයි.

 ජූනි 06 සෙනසුරාදා සිට සියලු දිස්ත්‍රීක්කවල නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ පෙර පරිදි රාත්‍රී 10.00 සිට අළුයම 4.00 දක්වා පමණි.