පාසල් සිසුවියක පැහැරගෙන ගොස් තම නිවෙසේදී  දී දූෂණය කළ බව කියන තරුණයෙකු හා එයට ආධාර අනුබල දුන් බව කියන ඔහුගේ මව සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගෙන ඇති බව වැලිගම පොලිසිය පවසයි.
 දැරිය 15 හැවිරිදිය. සිසුවිය පාසලක 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිට ඇති බවට පොලිසිය තොරතුරු හෙළිකර ගෙන ඇත.

 නිවැසියන් අවදි වන්නට පෙර දැරිය පිටුපස දොර විවෘත කරන්ගෙන සැකකරු - සමග ගොස් ඇති බවත් සැකකරු 19  හැවිරිදි ධීවරයකු බවත් ආධාර අනුබලදීම යටතේ අත්අඩංගුවට ගෙන ඇති ඔහුගේ මව 47 හැවිරිදි වියේ පසුවන බවත් පොලිසිය කියයි.     දැරිය සැකකරු සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති අතර එයට මව හා පියා විරුද්ධ වීම නිසා පැහැරගෙන යාම සිදුව තිබේ.

දැරිය වෛද්‍ය පරික්ෂණයක් සඳහා රෝහල් ගතකර තිබේ.
 වැලිගම මූලස්ථාන පොලිස් පරික්ෂ ඩී.එම්. අබේසේකර මහතාගේ උපදෙස් අනුව අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ඩී.ජී.ධර්මවර්ධන, ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති තාත්තා
පොලිස් සැරයන් ඒ.එම්. චන්ද්‍රා කුමාරි (1557) නිලධාරීන් සැකකරු සහ සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු හා සැකකාරිය මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ (28) ඉදිරිපත් කිරිමට නියමිතය.

වැලිගම සුනිල් ධර්මබන්දු ද සිල්වා