අවසන් වසරේ වෛද්‍ය විද්‍යාල සිසුන් ලබන ජුනි මස 15 වෙනිදා යලි සරසවි වෙත කැඳවීමට තීරණය කළ බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා ප්‍රකාශ කර සිටියි.


එලෙස කැඳවනු ලබන සිසුන් දින 14ක නිරෝධායන ක්‍රියාවලියකට යොමු කරන බව ඔහු කීය.

මෙහිදී නේවාසිකාගාර වෙන් කිරීමේදී එක් වෛද්‍ය සිසුවෙකුට එක් කාමරයක් බැගින් වෙන් කරන බවත් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ උපදෙස් මත එම ක්‍රියාව සිදුකරන බවත් ඔහු සඳහන් කළේය.

අවසන් වසරේ වෛද්‍ය සිසු සිසුවියන් ගේ විභාග කටයුතු මෙහිදී සිදුකිරිමට බලාපොරොත්තු වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.