ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු කටයුතු ලබන 11 වනදා සිට යළි ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.
අලුත්කඩේ සහ ඒ ආශ්‍රිත ප්‍රදේශයේ තත්ත්වය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වීම සැළකිල්ලට ගෙනයි
අගවිනිසුරුවරයා මෙම තීරණයට එළඹ ඇත්තේ.

අවුරුදු නිවාඩු සමයෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු කටයුතු අප්‍රේල් 27 වනදා ආරම්භ කිරීමට නියමිතව තිබුණ ද උද්ගතව පැවති තත්ත්වය හේතුවෙන් එය කල් දැමුණා. ඒ අනුව අප්‍රේල් 27 වනදා සිට මැයි මස 6 වනදා දක්වා වූ කාලය තුළ විවෘත අධිකරණයේ කැඳවීමට නියමිතව තිබූ නඩු සඳහා ඉදිරියේදී අලුතින් දින ලබා දෙන බවයි ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ටාර් ප්‍රදිප් මහමුතුගල මහතා පවසන්නේ.