ලබන 11 වන සදුදා සිට අදියර කිහිපයක් ඔස්සේ මේ දක්වා නවතා තිබූ අධිකරණ කටයුතු ආරම්භ කිරීමට අධිකරණ අමාත්‍යාංශයේ අවධානය යොමුවී ඇතැයි වාර්තා වෙයි.

ආරම්භයක් ලෙස කොළඹින් පිටත අධිකරණ සදහා සැකකරුවන් කැදවීම සීමිත පරිදි සිදුකරන බව
අමාත්‍යාංශයේ ලේකම් ජේ ජේ රත්නසිරි දන්වා සිටියේය.
පළමු අදියරේදී රක්‍ෂිත බන්ධනාගාර ගතවූවන්ගේ නඩු පමණක් විභාග කරන බවත් කොළඹ අධිකරණ ආශ්‍රිත නඩු තවදුරටත් පෙර පරිදි නවීන තාක්‍ෂණය භාවිත කරමින් කැදවන බවත් ඔහු කීය.
 විනිසුරුවරුන්, මහේස්ත‍්‍රාත්වරුන්, නීතිඥවරුන් ඇතුළු අධිකරණ ක්ෂෙත්‍රයේ සියලු නිලධාරීන් අනුගමනය කළයුතු සෞඛ්‍ය ආරක්‍ෂිත උපදෙස් මාලාවක්ද නිකුත් කිරීමට නියමිත බව ඔහු දන්වා ඇත.
ඒ අනුව ඉදිරියේදී රටේ සෞඛ්‍ය ආරක්ෂාව සලකා බලා අධිකරණ ඇරඹීමේ ඉදිරි පියවර ක්‍රියාත්මක කරන බවද ඔහු දන්වා ඇත.