එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ පිහිටා තිබෙන අබුඩාබි තානාපති කාර්යාලය නැවත දැනුම් දෙන තුරු වසා තබන බව නිවේදනය කර තිබේ.


විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශිකාව සඳහන් කලේ අබුඩාබි තානාපති කාර්යාලයේ සේවය කරනු ලබන නිලධාරීන් 05 දෙනෙකුට කොරෝනා වෛරසය වැලදීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.

තානාපති කාර්යාලය වසා තබන කාලය අතර තුර slemb.abudhabi@mfa.gov.lk යන විද්‍යුත් තැපැල් ලිපිනය හෝ දුරකථන අංක 800 119 119 හරහා තානාපති කාර්යාලය හා සම්බන්ධ විය හැකි බවට නිවේදනය කර සිටිනවා.

තානාපති කාර්යාලයේ වෙත ගාස්තු රහිත දුරකථන අංක ඔස්සේ දුරකතන ඇමතුම් විශාල සංඛ්‍යාවක් ලැබෙන බැවින් ඇතැම් අවස්ථා වලදී දුරකථන ඇමතුමට ප්‍රතිචාර දැක්වීමට ප්‍රමාද විය හැකි අතර තානාපති කාර්යාලය විසින් පැය විසිහතරක් ඇතුළත නැවත අදාළ පුද්ගලයන් සමග සම්බන්ධ වීමට කටයුතු කරන බවයි.

ඇතිවී තිබෙන තත්ත්වය මත විද්‍යුත් තැපෑල ඔස්සේ තානාපති කාර්යාලය සම්බන්ධ කිරීමට උත්සාහ කරන මෙන් සහ මෙම කාලය අතරතුර ලාංකික පුරවැසියන් ගේ ගැටලු පිළිබඳ තනාපති කාර්යාලය නිසි අවධානය යොමු කරන බවට ද එම නිවේදනයේ සඳහන්ය.