යේ (06) හෝමාගම රෝහලේ කොරෝනා ආසාදිත රෝගී ඒකකයට වායුසමීකරණ යන්ත්‍රයක් පරිත්‍යාග කිරීමෙන් අනතුරුව අමාත්‍ය විමල් වීරවංශ මෙම අදහස පළ කළේය.
“පළමුව කිව යුතුයි, ‘අපට කොරෝනා රෝගීන් අල්ලාගෙන
දේශපාලනය කරන්න උවමනාවක් නැහැ’ කියා.

මට නම් පෙනෙන්නේ මැතිවරණ කොමිසම යම් දේශපාලනයක් සිදු කරන බවයි. මැතිවරණ කොමිසමේ එක් සාමාජිකයකු බී. බී. සී. පුවත් සේවයට පවසා තිබුණා ‘මේ රට ඒකාධිපතිත්වයක් කරා යමින් තිබෙනවා’ කියා. එහි සභාපතිවරයා නිහඬව සිට එක්වරම සිහිනෙන් අවදි වූවා සේ මෙවැනි නිවේදන නිකුත් කරනවා. ඔවුන් පසුගිය ආණ්ඩු කාලයේ හැසිරුණු විදියයි දැන් හැසිරෙන විදියයි අපට හොඳට තේරෙනවා. අපි කුඩා දරුවන් නොවෙයි. ඒ නිසා අපි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුළු නඩයෙන් ඉල්ලනවා. ‘කරුණාකර මෙපමණ ව්‍යසනයක් සිදුව ඇති මොහොතක ඔබලා සිදු කරන දේශපාලනය නතර කරන්න’ කියා.

මේ ව්‍යවසනයෙන් මිදීමට පක්ෂ විපක්ෂ දේශපාලනඥයන් භේද නොතකා සමාජයට නායකත්වය ලබා දිය යුතුයි. රාජ්‍ය නිලධාරීන්ට පමණක් මේ බර අදින්න බැහැ. මෙපමණ ව්‍යසනකාරී වෙලාවක දී අපට මේ රටේ මිනිස්සුන්ට පිහිට වෙන්න බැරිනම් මොකද්ද එතැන තිබෙන සාධාරණය. මේ මොහොතේ ජනතාවට සහන සැලසීම අපේ අයිතියක්. ඒ අයිතිය අනුව අපි කටයුතු කරනවා. එය නතර කිරීමට කිසිවෙකුට බැහැ.”