කොරෝනා වෛරසය ගැන වැරදි ආරංචි ලෝකය පුරා පැතිරයාමේ අවදානම නිසා මේ වනවිට සමාජ මාධ්‍ය හිමිකරුවන් රැසක් තම මාධ්‍ය තුළ වෙනස්කම් සිදු කරමින් පවතී.

විශේෂයෙන්ම අන්තර්ජාලයේ ප්‍රබලම සන්නිවේදකයෙකු වන 'වට්ස් ඇප්' ඉන්දියානු පරිශීලකයින් භාවිතයේදී ලබාදුන් අමිහිරි අත්දැකීම් නිසා වට්ස්ඇප් විසින් අන්තර්ගතය අන් අයට යොමු කිරීමේ හැකියාව සීමා කරන්නට අඟහරුවාදා තීරණය කළේය.
වට්ස්ඇප් හි මූලික අංගයක්
ලෙස සිදුකරන ලද විශාලතම වෙනසක් ලෙස මෙය හඳුන්වා ඇත.  සමාගම අඟහරුවාදා කියා සිටියේ ගෝලීය වශයෙන් බිලියන දෙකකට අධික පරිශීලකයින් සිටින වට්ස් ඇප් ඔස්සේ ලැබෙන පණිවිඩ ෂෙයාර් කිරීමේදී දැන් වරකට එක් පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට පමණක්  ෂෙයාර් කර යැවිය හැකි බවයි. එය 5 ක් දක්වා පැවති පහසුකම 1 කට අඩු කිරීමකි.
තොරතුරු වල සත්‍යතාව විමසා බැලීමේ සංකීර්ණ කටයුත්තට වඩා අවම වශයෙන් වැරදි තොරතුරු පුළුල්ව පැතිරීම සීමා කිරීමට මෙය උදව් වනු ඇතැයි සමාගම අපේක්ෂා කරයි.
මේ අතරවාරයේ වට්ස්ඇප් විසින් තවත් නව විශේෂාංගයක් පරීක්‍ෂා කරමින් සිටින අතර එහිදී නිතර නිතර යොමු කරන ලද පණිවුඩ අසල අයිකනයක් ක්ලික් කිරීමට පරිශීලකයින්ට හැකි වේ  පණිවිඩය අන් අයට යැවීමට පෙර ඒවා සත්‍යාපනය කිරීමට එය උපයෝගී වනු ඇත.

ලෝක ව්‍යාප්ත, ෆේස්බුක්, ට්විටර් හා යූ ටියුබ්ද ඔවුන්ගේ වේදිකාවල කොරෝනා වයිරසයට අදාළ වැරදි තොරතුරු සීමා කිරීමට ඒවා සමඟ පොරබදමින් සිටිති. යුරෝපා සංගමය පසුගිය වසරේ එක්සත් ජනපද තාක්ෂණික සමාගම් සමඟ සබැඳි දේශපාලන සාවද්‍ය තොරතුරු වලට එරෙහිව සටන් කිරීම නිසා වැරදි තොරතුරු සමාජ ගතකිරීම නීතියෙන් දඩුවම් පනවන්නක් බැව් මේ සමාගම් දැන් හොඳින් වටහාගෙන තිබේ.
WhatsApp හි නව ක්‍රියාමාර්ග ගෝලීය වශයෙන් අදාළකරවන බව අඟහරුවාදා දන්වා සිටි අතර ලෝකයේ සෑම තැනකම වැරදි තොරතුරු ලබා දී ඇතත්, ගැටලුව විශේෂයෙන් උග්‍ර වන්නේ ඉන්දියාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල බව එහි ප්‍රකාශකයෙකු පැහැදිලි කර තිබේ.
වට්ස් ඇප් වැඩිම පිරිස සිටින රට වන්නේද ඉන්දියාවයි. එරට පරිශීලකයින් මිලියන 400 කි.