නව කොරෝනා වෛරසය විශාල වශයෙන් ව්‍යාප්ත වෙමින් පවතින වාතාවරණයක් තුළ බොහෝ දෙනාට තම නිවෙස් තුළට වී සිටීමට සිදුව තිබේ. මේ හේතුවෙන් පවුල් ගණනාවක් ආර්ථික අපහසුතා වලට මුහුණ දෙන අතර මේ වන විට බොහෝ දෙනෙක්ට තමන්ගේ එදිනෙදා ජීවනෝපාය මාර්ගද අහිමි වී තිබේ. මෙවන්
අවස්ථාවක් තුළ ඉන්දියාවේ ඉන්දෝර්හි මාර්ගයක මුදල් නෝට්ටු විසි කළ බවට ප්‍රචාරය වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය පුරා සංසරණය වනු දක්නට ලැබේ.

කෙසේවෙතත් පාරේ වැටී තිබෙන මෙම මුදල් නෝට්ටු සිය අත්වැසුම් භාවිතයෙන් ප්ලාස්ටික් බෑගයකට එකතුකර ගැනීමට එම ප්‍රදේශයේ පොලිස් නිලධාරීන් කටයුතු කර තිබේ. කෙසේ වෙතත් ඇතැමුන් පවසන්නේ මෙය හිතාමතා සිදුකල ක්‍රියාවක් බවත් එහි අරමුණ මෙම නව කොරෝනා වෛරසය ව්‍යාප්ත කරවීම බවත් සදහන් කර තිබුණි. නමුත් මෙය ව්‍යාජ පුවතක් බව පෙනෙන්නට ඇත.


ගෑස් සිලින්ඩර් බෙදාහරින පිරිමි ළමයෙකුගෙ සාක්කුවකින් මෙසේ මුදල් නෝට්ටු පාරට වැටී තිබේ. එමෙන්ම මෙය 2020 අප්‍රේල් 16 වන දින මධ්‍ය ප්‍රදේශයේ ඉන්දෝර්හි සිදුවී ඇති අතර මෙය ප්‍රදේශවාසීන් තුළ අනිසි බියක් ඇති කරවීමට තරම් හේතු වී තිබේ. රුපියල් 20 50 100 200 500 ආදි මුදල් නෝට්ටු මෙසේ පාර පුරා විසිරී ඇති හෙයින් ජනතාව මහත් සේ කලබලයට පත්ව ඇති බව එම වීඩියෝව තුළ ද දක්නට ලැබේ. එමෙන්ම පසුව පොලිස් නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් එම මුදල් නෝට්ටු ප්‍රවේශම් සහගතව එකතු කළ අයුරුද එම වීඩියෝවේ දක්නට ලැබේ.

කෙසේ වෙතත් එම ප්‍රදේශයේ පොලිස් නිලධාරියෙකු පවසා තිබෙන්නේ රුපියල් 6480ක මුදලක් මෙසේ තමන් එකතු කරගත් නමුත් ප්‍රදේශයේ කුඩා ළමයින් විසින් මෙම මුදල් වලින් කිසියම් ප්‍රමාණයක් අහුලාගෙන ඇති බැවින් ප්‍රදේශවාසීන් කණගාටුවට හා තරමක් බියට පත්ව ඇති බවත්ය.

කෙසේ නමුත් මෙම නව කොරෝනා වෛරසය ව්‍යාප්ත කිරීම වෙනුවෙන් මෙය සිදුනොකරන ලද්දක් යැයි පොලිසිය විසින් සොයාගෙන තිබේ. ඒ සඳහා ඔවුන් සීසීටීවී දර්ශන කෙරෙහි අවධානය යොමු කර ඇති අතර එක් නිවසක කැමරාවකින් ගෑස් සමාගමේ වෙලෙන්දෙකුගේ සාක්කුවෙන් මුදල් නෝට්ටු වැටෙන ආකාරය පැහැදිලිව දක්නට ලැබී ඇත.


ගෑස් සිලින්ඩර් රැගෙන යන මිනිසකුගේ සාක්කුවෙන් මෙසේ මෙම මුදල් නෝට්ටු වැටී ඇති ඇති බව පැහැදිලි වීමත් සමග මෙම ක්‍රියාව සම්බන්ධයෙන් කිසිවෙක් බිය නොවිය යුතු බවද එම පොලිස් නිලධාරියා සඳහන් කරන ලදී. කෙසේ නමුත් මේ වන විට ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන පරිදි මුදල් නෝට්ටු හරහා ද මෙම වෛරසය ව්‍යාප්ත වීමේ යම් ප්‍රවණතාවක් ඇති එබැවින් මුදල් නෝට්ටු භාවිතා කිරීමෙන් පසු අප හොඳින් සබන් යොදා අත් සේදීම අනිවාර්යයෙන් සිදු කළ යුතු කාර්යයකි. කෙසේ නමුත් covid 19 වෛරසය පැතිර යන මෙවන් කාල පරාසයක් තුළ අප අනෙකා පිළිබඳව ඉතා සබුද්ධිකව සිටිය යුතු වුවත් මෙවැනි අසත්‍ය ප්‍රචාරයන්ට රැවටී අනවශ්‍ය බියක් ඇති කර ගැනීම කිසිසේත් සිදු නොකළ යුතුවේ. එමෙන්ම මෙවැනි ව්‍යසනකාරී අවස්ථාවක් තුළ එකිනෙකාට දෝෂාරෝපණ එල්ල කරමින් කලබලකාරී ව හැසිරීම නුසුදුසු යැයි ද පොලිස් නිලධාරියා විසින් වැඩි දුරටත් සඳහන් කර තිබුණි.

- රිෂ්මි ඉෂාරා -