වෛද්‍ය නිලධාරීන් ඇතුළු  සියලුම සෞඛ්‍ය සේවකයින් ද පොලිස් නිලධාරීන් සහ හමුදාවන්ද මෙම කාල වකවානුව තුළ ඔවුන්ගේ උපරිම සේවය සෑම රටකටම ලබා දෙමින් සිටියි. කොවිඩ් 19 මාරයා පරාජය කිරීමට මොවුන් සියලු දෙනා තම ජීවිත කැප කරමින් සේවයේ නිරතව සිටියද ඇතැම්
පුද්ගලයන් විසින් මොවුන්ට විවිධ දෝෂාරෝපණ එල්ල කරමින් පහරදීම් සිදුකිරීම් සම්බන්ධයෙන් වන පුවත් ලොව බොහෝ රටවලින් වාර්තා වී තිබේ. සෞඛ්‍ය සහ පොලිස් නිලධාරීන්ට පහර දෙන මෙවැනි පුවතක් වාර්තා වීමත් සමග ඉන්දියානු බොලිවුඩ් සුපිරි නළු සල්මන් ඛාන් එයට විරුද්ධව තම හඬ අවදි කර තිබේ.


ඉන්දීය නළු සල්මන් ඛාන් විසින් පවසා ඇත්තේ එරට සෞඛ්‍ය සේවකයන්ට සහ පොලිස් නිලධාරීන්ට පහර නොදෙන ලෙසයි. එමෙන්ම ඔහු තම ප්‍රජාවට අනතුරු අඟවා ඇත්තේ අප සියලු දෙනාගේ ජීවිත ආරක්ෂා කිරීමට උත්සාහ ගන්නා මෙම පුරවැසියන්ට අනවශ්‍ය ලෙස දෝෂාරෝපණ එල්ල කරමින් පහර දීම කිසිසේත් අනුමත කළ නොහැකි බවයි. කෙසේ වෙතත් සල්මන් ඛාන් යනු ඉන්දියාවේ සුප්‍රකට චරිතයක් වන බැවින් ඔහු විසින්ම ප්‍රචාරය කළ මෙම පණිවිඩය බොහෝ දෙනෙක් වැළඳ ගෙන තිබේ. එමෙන්ම ඔහු තම පණිවිඩය මගින් මෙම ප්‍රචණ්ඩකාරි ක්‍රියාවන්හි යෙදෙන පුද්ගලයන් හට ඍජුව ම පහර දෙන ආකාරය දක්නට ලැබේ.

කෙසේ වුවද සල්මන් ඛාන්ගේ මෙම පණිවිඩය කිසිඳු විශේෂිත ප්‍රජාවක් වෙත යොමු නොකරන බව පැහැදිලිය.  නමුත් ඔහු ප්‍රචණ්ඩ ක්‍රියා හෙළා දැකීම අත්‍යවශ්‍ය කරුණක් බව එම පණිවිඩය තුළින් හෙළිකර තිබේ. එමෙන්ම ප්‍රජාවන්හි නායකයන්ට ද වක්‍රාකාරව යම් කිසි චෝදනාවක් එල්ල කිරීමට ඔහු කටයුතු කර තිබේ.

කෙසේ වෙතත් දේශපාලන නායකයින් සිනමා තරු සහ ඉතා ජනප්‍රිය පුද්ගලයින් ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කිරීම ප්‍රතික්ෂේප කර ඇති මෙවන් අවස්ථාවක සුපිරි නළු සල්මන් ඛාන්ගේ මෙම ක්‍රියාව බොහෝ දෙනෙක් අගය කර තිබේ. එමෙන්ම ජනතාවගේ ඉදිරි අනාගතය පිළිබඳව සිතා බලා තම තීරණ ගැනීමට කටයුතු කරන මෙන් ඉන්දීය රජයෙන් ද ඔහු ඉල්ලා සිටියි.


කෙසේ වෙතත් සල්මන් ඛාන්ගේ පණිවිඩය බොහෝ දෙනාගේ අවධානයට ලක් වීමත් සමග ඔහුගේ මෙම පණිවිඩයට පක්ෂපාතිත්වය දැක්වීමට බොහෝ පිරිසක් එම පණිවිඩය වටා එක් රොක් වී සිටින බව පෙනෙන්නට ඇත. කෙසේ නමුත් මෙම පණිවිඩය සෑම අවස්ථාවන්හිදීම නිවැරදි දේ කිරීමට මිනිසුන්ව ධෛර්යමත් කරන අතර නුසුදුසු ක්‍රියාවන්ගෙන් වැළකී සිටීමට ඔවුන්ව දැනුවත් කරනු ලබයි.

- රිෂ්මි ඉෂාරා -