පසුගිය දිනවල පොලිස් රාජකාරී අවසන් කොට ලැබෙන විවේකය ජනතාව වෙනුවෙන් සමාජ සත්ත්කාරය වෙනුවෙන් වැය කළ  පොලිස් නිලධාරීනීයක් පිලිබදව ඉන්දීය මාධ්‍ය වාර්තා පළව තිබේ.
ශ්‍රිෂ්ටි ශ්‍රෝතියා නම් වන මෙම පොලිස් නිලධාරීනිය
පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්ගේ පවා සිත් දිනාගෙන ඇත්තේ කඩිසර පොලිස් කාන්තාවක ලෙසිනි. ඉන්දියාවේ කුරෙයිහි වෙසෙන ජනතාවද ඇයට ඉතාමත් ආදරය හා දැඩි ඇල්මක් දක්වන්නෙ ඇයගේ යහපත් ගතිගුණ නිසාවෙනි.ඇය තම පොලිස් රාජකාරීය ඉටුකිරීමෙන් පසුව 
සමාජ සේවිකාවකගේ හිස්වැසුම පැලද ගන්නෙ ඉතාමත් නිහතමානීකමිනි.  රට අගුලු  දැමූ ක්‍රියාමාර්ගය යටතේ පසුගිය දින හතර තුළ,ඇය මුහුණු ආවරණ සිය ගණනක් මසා වෙලදපොලේ අධික මිල ගණන් යටතේ මිලදි ගත නොහැකි පුද්ගලයන් අතර බෙදා හැරීමට කටයුතු කළාය.

එමෙන්ම ඇයගේ මිතුරන් ඇයගේ ත්‍යාගශීලීභාවය පිලිබදව කෙතරම් සතුටුවීද යත්  ඔවුන් ඇයගේ විඩීයෝවක් සාදා ට්විටර් වෙබ් අඩවියේ පළ කරන ලදි.නමුත් ඇයගෙ එම නිහඩ සමාජ සත්කාරය පිලිබදව උදම් අනන්නට ඇය කැමති වූයේ නැත.ඇයගේ මෙම මුහුණු ආවරණ  ඇය අවට සිටින පුද්ගලයන් අතර ජනප්‍රිය වූ කල්හි ඇයගේ මිතුරන් යෝජනා කළේ, මුළු පොලිස් බලකායටම ඇයගේ එම මුහුණු ආවරණයන් මිලදි ගැනීමට හැකිවන බවය.තවද ඇය පැවසුවේ, තම සගයන්ට හා ජනතාවට උපකාර කිරීම මගින් ඇයට එම කර්තව්‍ය පිලිබදව සෑහීමකට පත් විය හැකි බවයි.
පසුගිය දින හතර මගින් කොරෝනා වයිරසයට ගොදුරු විය හැකි බොහෝ දෙනා මෙම මුහුණු ආවරණ මගින් ආරක්ෂිත වූ බවද අනාවරණය වේ.

ශ්‍රෝතියා රාජ්‍ය සේවය කෙරෙහි  දක්වන දැඩි ඇල්ම පිලිබදව ඇයගෙ සගයන් මෙන්ම සියලුම දෙනා සතුටු වන බව පොලිස් ස්ථානය භාරව සිටින රෝහිත් මිශ්‍රා මාධ්‍ය වෙත පවසා සිටියේය.
(බිම්සරා පෙරේරා)