පාසැල් සිසු දරුවන් ප්‍රවාහනය කිරීමේ කටයුතු වල නිරතව සිටින රියදුරන් පාසල් වසා තිබෙන පසුබිම තුළ සිටියත් මේ වනවිට එම වෑන් වලට අදාල මාසික මුදල ලබා ගැනීම පිණිස ඔවුන්ගේ බැංකු වල විස්තර
දෙමව්පියන් හට ලබාදී කරදර කරන බව
වාර්තා වී ඇතැයි අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කර ඇත.
රු. 5000 සහන දීමනාව පාසැල් වෑන් රියදුරන් සඳහා ලබා දීමට රජය තීරණය කළේ මෙවැනි අකටයුතුකම් සිදු කිරීමට නොවන බව පෙන්වාදෙන ඇමතිවරයා පාසල් ළමුන් ප‍්‍රවාහනය කරන වෑන් රථ රියදුරන්ට අප්‍රේල් මාසයට අදාළ කිසිඳු ගාස්තුවක් දෙමව්පියන්ගෙන් අයකර ගැනීම තහනම් බවත් පැමිණිළි ඇත්නම් ප්‍රවාහන අමාත්‍යාංශයට දැනුම් දෙන ලෙසත් දන්වා සිටියි.