[Trending][btop]
[News][stack]

ෂුවර්ද? පාසල් හා විශ්වවිද්‍යාල ආරම්භ කරන්න හැකිද? ‘අන්තරේ’ විමසයි

දැනට පවතින කොරෝනා වසංගත අවදානම මැයි මස සති කිහිපයක් ගෙවෙන තෙක් පහව නොයන බව සෞඛ්‍ය අංශ දිගින් දිගටම ප්‍රකාශ කර තිබියදී මැයි මස 11 දින පාසල් හා විශ්වවිද්‍යාල විවෘතකිරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය පිළිබඳව කරුණු විමසා අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය උසස් අධ්‍යාපන
ඇමතිවරයා වෙත ලිපියක් යොමු කර ඇත.

ලෝකය පුරා රටවල් 200ක ව්‍යාප්තව ඇති මේ වසංගතය, සැඟවුණු රෝගීන් අතර මෙන්ම රෝග ලක්ෂණ නොපෙන්වන වෛරස් වාහකයන් මගින් ව්‍යාප්ත වීමේ අනතුරක් තවදුරටත් ඇත.

එවැනි තත්වයක් තුල ගෙන ඇති මෙම තීරණය පිළිබඳව මෙම ලිපියෙන් විමසා සිටියි

මේ නිසා ආණ්ඩුව විසින් මාධ්‍ය මගින් ගෙන යන ප්‍රචාර සම්බන්ධයෙන් ද ප්‍රශ්න කර ඇත.

‘අන්තරේ’ කැඳවුම්කරු රත්කරව්වේ ජිනරතන හිමියන්ගේ අත්සනින් යුතුව උසස් අධ්‍යාපන ඇමතිවරයා වෙත යොමු කළ ලිපිය මගින්, ඇතිව තිබෙන තත්වය අනතුරුදායක නොමැති නම් ඒ ගැන පැහැදිලි කිරීමක්ද ඉල්ලා ඇත.

උසස් අධ්‍යාපන අමාත්‍යවරයාට අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් යොමුකළ ලිපිය පහතින්