රුපියල් 5,000 සහන දීමනාවක් ත්‍රීරෝද රථ රියැදුරන්ට හා පාසැල් සිසුන් ප්‍රවාහනය කරන රියදුරන්ටත් ලබාදීමට රජය තීරණය කර ඇතැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.




දැනට මෙම අංශ දෙකම නියාමනය හෝ කළමනාකරණය මධ්‍යම රජයේ අමාත්‍යාංශයකට පවරා නොමැති අතර ත්‍රීරෝද රියදුරන් හා පාසැල් සිසු ප්‍රවාහන සේවා කටයුතුවල නිරතව සිටින පුද්ගලයින් නියාමනය කිරීම පළාත් සභා විෂය පථය යටතේ ගැනෙන්නක් වේ.

නමුත් ත්‍රිරෝද රියදුරන්ගේ ඇතැම් සංගම් මෙන්ම පාසැල් සිසුදරුවන් ප්‍රවාහන කටයුතුවල නිරතව සිටින රියදුරන් විසින් එම දීමනාව තමන්ට ද ලබා දෙන ලෙස ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යවරයා වශයෙන් තමන්ගෙන් ඉල්ලා සිටි බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.