ඳිරි නීතිය අතරවාරයේ සහල් බෙදාදීමේ සත්කාර වැඩසටහනකට එක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අද සන්ධ්‍යාවේ නැවත අත්අඩංගුවට පත්ව තිබේ. මාදිවෙල මන්ත්‍රී නිවස්නය තුළ සිටියදී පිටතින් පැමිණි අමුත්තෙකු පොලිසිය නැවතූ අවස්ථාවේ
ඊට එරෙහිව කතාකරන්නටයාම නිසා පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධාවන ආකාරයේ හැසිරීමක නිරතවූ චෝදනාවට මෙවර ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.
 භෞත චිකිත්සක යැයි හඳුන්වාගත් පුද්ගලයෙකු  ඇඳිරිනීති බලපත්‍ර නීතිරීති උල්ලංඝනය කරමින් මාදිවෙල මන්ත්‍රී නිවාස පරිශ්‍රයට ඇතුළුවීමට උත්සාහ කිරීමේදී පොලිසිය ප්‍රශ්න කිරීමට ලක්කර ඇති බවත් එහිදී ඊට විරෝධය පළ කරමින් මැදිහත් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක පොලිස් රාජකාරියට බාධා කරන ලද බවත් පැවසිණි.


ඇඹිලිපිටිය ප්‍රදේශයේ සිට පිළියන්දල දක්වා වියළි ආහාර ප්‍රවාහනය කිරීමට යැයි පවසමින් ලබාගත් ඇඳිරිනීති බලපත්‍රයක් උපයෝගි කරගනිමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකගේ භෞත චිකිත්සකයැයි හඳුන්වාගත් පුද්ගලයෙකු ඇඹිලිපිටියේ සිට පිළියන්දල දක්වා පැමිණ තිබුණේ අදාළ රථයේ වියළි ආහාර කිසිවක් නොමැතිව බව පොලිසිය කියයි.

අදාළ පුද්ගලයා පිළියන්දල ප්‍රදේශයේ සිට මාදිවල මන්ත්‍රී නිවාස දක්වා ගමන් කිරීමට උත්සාහ කිරීමේදී මන්ත්‍රී නිවාසවලට ඇතුළුවන පරිශ්‍රයේදී පොලිස් පරීක්ෂාවට ලක්වුණ අතර එහිදී ඇඳිරිනීති බලපත්‍ර උල්ලංඝනය කර ඇති බවට අනාවරණවීමත් සමඟ පොලිසිය ඔහුගෙන් ප්‍රශ්න කරද්දී එහි පැමිණි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක අදාළ සිද්ධියට මැදිහත් වෙමින් පොලිස් රාජකාරියට බාධා කිරීම  මෙම අත්අඩගුවට ගැනීමට හේතුවී තිබේ.
අත්අඩංගුවට ගත් අවස්ථාවේ රන්ජන් ෆෙස් බුක් ලයිව් ආ හැටි වීඩියෝව පහතින්