පොළොන්නරුවේ ප්‍රථම කොරෝනා රෝගියා අද  (22)    පුලස්තිගම(B.O . P . 398) ප්‍රදේශයෙන්
හමු වී ඇති බව පොළොන්නරුව රෝහලෙන් වාර්තා වේ.
මෙම රෝගියා වයස අවුරුදු 32ක නාවික හමුදා සෙබළෙකි. ඔහු වැලිසර නාවික හමුදා කඳවුර  යටතේ
පවතින කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයක   සේවය කර ඉකුත් 18 දින නිවාඩු ලබා නිවසට පැමිණෙන අවස්ථාවේ අඹේපුස්ස ප්‍රදේශයේ සිට ත්‍රිවිල් රථයකින්  මදදුරක් පැමිණ තිබේ.


පසුව නිවසට පැමිණ දින කිපයකින් උණ රෝග ලක්ෂණ මතු විම නිසා පොළොන්නරුව පුලස්තිගම මූලික රෝහලට  ඇතුලත් කර තිබේ.

ඉන් පසු පොළොන්නරුව මහ රෝහලට ඇතුලත් කිරිමෙන් පසු පරික්ෂණ පැවැත්විමෙන් පසු කොවිඩ් 19 රෝගය වැළැදුණු රෝගීයෙකු  බව තහවුරු වි තිබේ.

මෙම රෝගියා වැලිකන්ද කොරෝනා රෝගීන් සදහා වෙන් වු රෝහල වෙත රැගෙන යැමට  නියමිත බව
පොළොන්නරුව රෝහල් අධ්‍යක්ෂකවරයා පැවැසීය .