යේ (12)  මරදාන ඩාලි පාර ප්‍රදේශයේදී, ඇඳිරිනීති බලපත්‍ර නොමැතිව පාගමනින් මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයින් සිව් දෙනෙකුට දඩුවමක් ලෙස හාවා පැනීමට කියූ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු පොලිසිය මගින් වැඩ තහනමට ලක් කර තිබේ.
පාගමනින් මාර්ගයේ ගමන් කරනු දැක ඔවුන් කැඳවා තිබෙන
කොළඹ නාගරික රථවාහන කොට්ඨාසයට අනුයුක්තව රාජකාරී කළ පොලිස් සැරයන්වරයෙකු හා පොලිස් කොස්තාපල්වරයෙකු ඔවුන්ට පැත්තකින් සිට ගෙන සිටීමට මුළින් අණ කර පසුව දඩුවමක් ලෙස අත් දෙක මාරු කර දෙකන් අල්ලා ගෙන කිහිප වතාවක් නැගිට වාඩිවීමට අණ කර තිබෙන අතර

එම අවස්තාව රූපවාහිනී කැමරා මාධ්‍යවේදියෙකු වීඩියෝ ගත කිරීමටද ඉඩ සලසා තිබේ.

මේ ආකාරයේ දඩුවම් ලබාදීමක් පොලිස් නීතිය අනුව නොමැති බව පසුව සොයා බැලීමේදී හෙළීවිය. මේ දිනවල සමාජ මාධ්‍යවල හුවමාරුවන ඉන්දියානු පොලිසියේ ඇතැම් දඩුවම් ලබාදීම් තුළ මෙවැනි කටයුතු දක්නට ලැබෙන අතර මේ අය එය අනුකරණය කළා යයි උපකල්පණය කළ හැකිය.

මෙවැනි අමුතු දඩුවම් ක්‍රමයක් කරන්නට ඔවුන්ට නියෝග කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය මඟින් විකාශය වූ පුවතට අනුව විමර්ශනයක් සිදු කර
සහකාර පොලිස් අධිකාරී පොලිස් හදිසි ඇමතුම් / නාගරික රථවාහන විසින් අදාළ නිලධාරීන් දෙදෙනාගේ වැඩ තහනමකට ලක් කර ඇත.
මෙම නිලධාරීන්ට විරුද්ධව අණට අකීකරු වීම, අපකීර්තිදායක හැසිරීම යන චෝදනා යටතේ විනය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.

රූපවාහිනී නාලිකා එම සිදුවීම ප්‍රචාරය කළේ පහත පරිදිය.