පසුගිය වසරේ පැවති සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල හෙටින් ආරම්භ වන සතිය තුළ නිකුත් කිරීමට කටයුතු කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.



විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත සඳහන් කළේ ප්‍රතිඵල නිකුත් කිරීමට අදාළ කටයුතු මේ වනවිට අවසන් අදියරේ පවතින බවයි.

කොරෝනා වෛරස් වසංගත තත්ත්වයත් සමඟ උද්ගතව ඇති තත්ත්වය හමුවේ ප්‍රතිඵල පාසල් වෙත තැපැල් කිරීම සිදු නොකෙරෙන බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියේ.

ඒ අනුව ප්‍රතිඵල ලේඛණ පාසල්වල විදුහල්පතිවරුන්ට මාර්ගගත හෙවත් ඔන්ලයින් ක්‍රමයට ලබාදීම සඳහා ක්‍රමවේදයක් සකස් කෙරෙන බවද ඔහු ප්‍රකාශ කළා.

එමෙන්ම, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාට සහ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයාට ද එලෙසින්ම ඔවුන්ට අනන්‍ය මුරපද සහ පරිශීලක නාම ලබාදී මාර්ග ගත ක්‍රමයට ප්‍රතිඵල සඳහා ප්‍රවේශවීමට අවස්ථාව සලසා දීමට ද කටයුතු කෙරෙන බව සඳහන්.

අයදුම්කරුවන්ට ප්‍රතිඵල www.doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකි අතර තාවකාලික ප්‍රතිඵල සහතිකයක් ද එමගින් ලබා ගත හැකි බව විභාග කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියේ.

එමෙන්ම, ප්‍රතිඵල නිකුත් කිරීමට අදාළ කටයුතු සිදුකිරීම සඳහා විභාග දෙපාර්තමේන්තුවේ සීමිත කාර්ය මණ්ඩලයක් යොදා ගෙන ඇති අතර, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් අනුගමනය කරමින් ඊට අදාළ කටයුතු සිදුකරන බව ද විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත වැඩිදුරටත් සඳහන් කළා.

පසුගිය වසරේ පැවති සාමාන්‍ය පෙළ විභාගයට මධ්‍යස්ථාන 4,987කදී අයදුම්කරුවන් හත්ලක්ෂ 17,008ක් පෙනී සිටියා