පසුගියදා කොරෝනා ආසාදනයවූ බවට වාර්තාවූ කොටහේන කෙසෙල්වත්ත ප්‍රදේශයේ කාන්තාව මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඇයගේ පුතු මීට ටික දිනකට පෙර සිට මුහුණු ආවරණ නිෂ්පාදනය කිරීමේ
ව්‍යාපාරයක් සිදු කර තිබී ඇති බව පොලිසිය සොයාගෙන තිබේ.
කොරෝනා වෛරසය ආසාධනය වූ  මෙම කාන්තාවගේ පුත්‍රයා අලෙවි කිරීම සදහා මුහුණු ආවරණ

සපයා තිබී ඇත්තේ නුගේගොඩ ප්‍රදේශයේ ෆාමසියකටය.
ඒ ගැන සොයා බැලූ පොලිසිය වහාම එම ෆාමසියේ අලෙවි කටයුතු නතර කරන ලෙස දන්වා ඇති අතර වෙනත් ඖෂධ අලෙවියද නවතා ෆාමසිය වසා තැබීමට කොහුවල පොලීසිය විසින් ඊයේ (16) පියවර ගෙන ඇත.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සමග එක්ව මෙම ෆාමසිය තුළ තිබූ මුහුණු ආවරණ සියල්ල විනාශකොට දැමීමටද පියවර ගෙන තිබුණි.
කෙසේ වෙතත් ෆාමසි හිමියා දන්වා ඇත්තේ කොටහේන ප්‍රදේශයේ පුද්ගලයා ලබා දුන් ආවරණ තමන් මේ දක්වා  අලෙවි කරේ නැති බවයි.