ම්එස්සී මැග්නිෆිකා නෞකාව පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණීම මාධ්‍ය තුළ කතාබහට ලක් කරන සිදුවීමක් බවට පත්වූයේ ශ්‍රී ලාංකික සූපවේදියෙකු එයින් මෙරටට ආ සිදුවීම නිසාය. ඔහු පැමිණි අවස්ථාවේ ඒ සමග ශ්‍රී ලංකා නාවික හමුදාව මඟින් මෙරටට බාරගත් 75 හැවිරිදි ජර්මානු ජාතික කාන්තාවක
ගැනද කියැවිණි. ඇය කොරෝනා නොවන අසනීප තත්වයකින් පෙළෙන බවද

වාර්තා පළව තිබුණි.අසාධ්‍යව සිටියදී ප්‍රතිකාර ගන්නට කොළඹ ජාතික රෝහලහි සිටි ඇය අද මියගිය බව වාර්තාවේ.
ඇය හෘදයාබාධයක් හේතුවෙන් මෙලෙස ජීවිතයෙන් සමුගත් බව දන්වා තිබේ.