අද සන්ධ්‍යාවේ 6.45 ට නෙලුම් කුළුණ රතු පැහැයෙන් ආලෝකමත් කරන්නට නියමිත බව වාර්තාවේ.

කො⁣රෝනා වලට එරෙහිව සටන් කරන වෛද්‍ය කාර්යමණ්ඩල හා අනෙකුත් සියලුම අත්‍යවශ්‍ය සේවා වලට ගෞරව කිරීමක් වශයෙන් මෙය සිදු කරන බව දැක්වේ. එසේම සිංහල හා හින්දු අලුත් අවුරුද්දට සුභ පැතුම් එක් කිරීමටද මෙය අවස්ථාවක් කරගනු ඇතැයි වාර්තාවේ.