කුරුණෑගල ශික්ෂණ රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කරන ලද වාරියපොළ කටුපොත ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි කාන්තාවකට කොවිඩ් 19 වයිරසය ආසාදනය වී ඇති බව තහවුරුවූ බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ
නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා ප්‍රකාශ කළේය .

මෙම කාන්තාව ඊයේ (31) දිනයේ කොරෝනා රෝග ලක්ෂණ පහළ වීම හේතුවෙන් කටුපොත රෝහලේ සිට කුරුණෑගල ශික්ෂණ රෝහලට වැඩිදුර ප්‍රතිකාර සඳහා එවීමෙන් පසුව කරන ලද පරීක්ෂණ වලින් ඇය කොරෝනා ආසාදිතයෙකු බවට අනාවරණය වී ඇත .

මෙම කාන්තාව පදිංචි කටුපොත නිවසට කොරෝනා ආසාධනයවී මේවනවිට IDH උණ රෝහලේ ප්‍රතිකාර ලබන පුත්තලම ප්‍රදේශයේ පුද්ගලයකු පැමිණ ඇතැයිද ඉන් පසුව ඔහුගෙන් ඇයට මෙම වෛරසය ආසාධනය වී ඇති බවද වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා පැවසීය. මෙම කාන්තාව අද පස්වරුවේ ප්‍රතිකාර සඳහා අයිඩීඑච් උණ රෝහලට යැවීමට පියවර ගත් බවද ඒ මහතා සඳහන් කළේය.

කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් හමුවූ ප්‍රථම කොරොනා රෝගියා මෙම කාන්තාවය.