කොරෝනා අසාදිත මවක් කළුතර මහ රෝහලේදී ප්‍රසූත කළ දරුවාට කොරෝනා අසාදනයවී නොමැති බව
පරීක්ෂණවලදී තහවුරුවී තිබේ.
බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය වරුණ සෙනෙවිරත්න මහතා පැවසුවේ, ඔවුන් දෙදෙනාම නෙවිල් ප්‍රනාන්දු රෝහලේ ප්‍රතිකාර ලබන බවයි.
බේරුවල, පන්නිල ප්‍රදේශයේ පදිංචිකාරිණියක වූ මෙම මව කළුතර නාගොඩ රෝහලට ඇතුලත් වී තිබුනේ තමන් අලුත්ගම දර්ගා නගරයේ පදිංචි බව පවසමින් වන  නමුත් පසුව පවුල් සෞඛ්‍ය සේවිකාවක් ඇයගේ සායනික කාඩ් පත පරික්ෂා කිරීමේදී ඇය බේරුවල පන්නිල ප්‍රදේශයේ පදිංචි කාරියක් බව තහවුරු විය. ඒ වනවිට පන්නිල ප්‍රදේශය කොරෝනා සැක පුද්ගලයෙකු නිසා ප්‍රසිද්ධවී තිබූ නිසා ඇය නිවැරදි තොරතුරු වසන් කළේ යයි ආන්දෝලනයක් පැනනැගී තිබුණි.