සංගීත ශිල්පී ජයන්ත රත්නායක මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. කලක සිට පිළිකා රෝගී තත්වයකින් පීඩා විදි  ඔහු
ප්‍රවීණ සංගීතවේදී

වික්ටර් රත්නායක මහතාගේ වැඩිමල් පුත්‍රයාය.
පසුගිය 2019 වසරේ මොහුගේ රෝග තත්වය ආරංචිවීමෙන් පසු කලා ශිල්පීන් එක්ව ඔහුට ආධාර පිණිස ප්‍රසංගයක්ද සංවිධානය කර තිබුණි.
දෙදරු පියෙකු වන ජයන්ත රත්නායක ගායකයෙකු මෙන්ම වාදකයෙකු ලෙස කටයුතු කළේය.
ඔහු අද උදෑසන මියගියේ මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීය. මියයන විට 51 වන වියේ පසුවිය.

තම පිළිකා රෝග තත්වය ගැන පවසමින් ජයන්ත 2019 ලබාදුන් සම්මුඛ සාකච්ඡාව මෙතැනින්