[Trending][btop]
[News][stack]

කොරෝනා වෙනුවෙන් ඉන්දියාවෙන් ආ ඇප් එක

ඉන්දියාව යනු ලොව කොවිඩ් 19 රෝගීන් දිනෙන් දින වාර්තා වන තවත් ප්‍රධාන රටකි. තමන්ගේ රට තුලින් වාර්තා වන රෝගීන් ඉතා පහසුවෙන් හදුනා ගැනීම සඳහා ඔවුන් විසින් නවතම app එකක්  හඳුන්වා දී තිබේ. මෙම නව කොරෝනා වෛරසයට එරෙහිව සටන් කිරීමට ඉන්දියානු රජය මේ වන විටත් පියවර කීපයක්ම
තබාඇත. ආරෝග්‍ය සේතු නම් ඇප් එක ඔවුන් හඳුන්වා දී ඇත්තේ ද මෙම කොරෝනා මර්දනය සඳහා ගනු ලබන පියවරයන්හි තවත් එක් ප්‍රධාන පියවරක් ලෙසයි. මෙම ජංගම යෙදුම මධ්‍යම රජය විසින් දියත් කරන ලද වැඩ සටහනකි. මෙම යෙදුම ඇන්ඩ්‍රොයිඩ් සහ iOS උපාංග දෙකෙන්ම ලබා ගත හැකි අතර එය ඉලෙක්ට්‍රොනික හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයේ ධජය යටතේ දියත් කර ඇත.

නවීනතම බ්ලූටූත් තාක්‍ෂණය, ඇල්ගොරිතම සහ කෘතිම බුද්ධිය භාවිතා කරමින්, අන් අය සමඟ ඔවුන්ගේ අන්තර්ක්‍රියා ගණනය කිරීමෙන් ආසාදිත පුද්ගලයින් සමඟ ඔවුන් සම්බන්ධ වී ඇත්දැයි පරීක්ෂා කිරීමට යෙදුම භාවිතා කළ හැක.

එමෙන්ම රජය විසින් මෙම යෙදුම ඔවුන්ගේ ජංගම දුරකථන තුලට ඇතුලත් කරගන්නා ලෙස ඉල්ලා තිබේ.  එසේම අපේ‍්‍රල් 3 වනදා බීබීසී සයිබර් විශේෂඥයන් පවසා තිබෙන්නේ  මෙම දත්ත එම ක්‍රමය යටතේ එකතු කළ විට එය පෞද්ගලිකත්වය උල්ලංගනය කිරීමක් බවයි.

නමුත් ඉන්දීය පුවත්පත් තොරතුරු කාර්යාංශය මෙම ප්‍රකාශය ප්‍රතික්ෂේප කර තිබෙන අතර එම මාධ්‍ය වාර්තාව පදනම් විරහිත බව පැහැදිලි කොට තිබේ. එමෙන්ම මෙම යෙදුම තුළින් පරිශීලක ස්ථානය සහ පුද්ගලික දත්ත එකිනෙකට සම්බන්ධ කරන බවත් ඔවුන් පෙන්වා දී තිබේ. එසේම කිසිදු පරිශීලකයෙකුට අනවසරෙන් මෙම යෙදුම තුළට ඇතුළත් විය නොහැකි බවද ඔවුන් පෙන්වා දෙයි.
එමෙන්ම මෙම යෙදුම භාවිතා කිරීමේදී පුද්ගලිකත්වය පළමුව සහතික කරන බව රජය මීට පෙරද පවසා තිබේ.  යෙදුම විසින් එකතු කරන ලද පුද්ගලික දත්ත අති නවීන තාක්‍ෂණය භාවිතයෙන් සංකේතනය කරනුලබන අතර වෛද්‍යමය මැදිහත්වීම සඳහා අවශ්‍ය වන තෙක් දුරකථනයේ එය සුරක්ෂිතව පවතී. එමෙන්ම පුද්ගලයන්ගේ තොරතුරු බෙදා හදා ගැනීමක් මෙහිදී සිදුවන්නේ රජය සමඟ පමණක් වන බව ද ඔහු තහවුරු කර තිබේ.

එසේම ආරෝග්‍ය සෙතු නමින් ස්ථාපනය කර තිබෙන මෙම යෙදුම ඉංග්‍රීසි, හින්දි, බංග්ලා සහ මරාති ඇතුළු භාෂා 11 කින් ස්ථාපනය කර තිබේ. නමුත් මෙම යෙදුම හරහා පෞද්ගලික තොරතුරුවල අනන්‍යතාවයට හානි සිදුවේ යැයි පවසන තොරතුරු අසත්‍ය බව මේ වන විට සොයාගෙන තිබේ. එබැවින් මෙවන් යෙදුම් භාවිතා කිරීමේදී වගකීම් සහගත ලෙස කටයුතු කිරීමට සියලු දෙනා වග බලා ගත යුතුයි.
(රිෂ්මි ඉෂාරා)