චීනය පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමුව ඇත්තේ නව කොරෝනා වෛරස ව්‍යාප්තියේ ආරම්භය සනිටුහන් වන්නේ එරට තුළින් වීම හේතුවෙනි. නමුත් මෙම චීන රාජ්‍යයේ යුක්තිය පසදලීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ජනතාවට සිදුවන අසාධාරණකම් හේතුවෙන් හොංකොං යෞවනයන් විරෝධතාවක නිරත වී
තිබේ.

හොංකොං වැසියන් චීන රාජ්‍ය යුක්තිය පසඳලීම සාධාරණව ඉටු නොකරන්නේ යැයි චීන රජයට දෝෂාරෝපණ එල්ල කර තිබේ. එමෙන්ම මෙම විරෝධතාව අතරතුර ප්‍රතිවිරෝධ පාර්ශව දෙක අතර සිදු වූ ගැටුමකදී මහලු පුද්ගලයෙකු මියයාම සම්බන්ධයෙන් වන පුවතක් පිළිබඳව බොහෝ දෙනාගේ  අවධානය යොමුව තිබේ. එමෙන්ම මෙම සිදුවීම සම්බන්ධයෙන් නව යොවුන් වියේ පසුවන යෞවනයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවද වාර්තාවේ.

දේශ සීමා නගරයක් වන ෂියුන්ග් ෂුයිහි මෙසේ  ප්‍රජාතන්ත්‍රවාදී හිතවාදීන් සහ රජයේ පාක්ෂිකයන් අතර එකිනෙකාට ගඩොල් පහර එල්ල කිරීම ආරම්භ වීමත් සමග මෙම මහලු ලූඕ චැංක්විං නැමැති පුද්ගලයා මියගොස් තිබේ. මෙසේ මියගොස් ඇත්තේ හැත්තෑ හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහු මෙම දෙපාර්ශවය අතර සිදුවූ රණ්ඩුව සිය ජංගම දුරකතනයෙන් රූගත කරමින් සිට ඇති බව  වාර්තා වේ.

කෙසේ වෙතත් මෙම පුද්ගලයාගේ ඝාතනය සම්බන්ධයෙන් වයස අවුරුදු දාසයක සහ දාහතක පිරිමි ළමුන් දෙදෙනෙකුට එරෙහිව චෝදනා නගා ඇති බව පොලිසිය පවසයි. එමෙන්ම මොවුන් දෙදෙනාට එල්ල කර ඇති චෝදනා වන්නේ මිනීමැරුම් චෝදනාව චේතනාවෙන් තුවාල කිරීම සහ කැරලි කෝලාහල කිරීම ආදියයි.

කෙසේ වෙතත් මෙම විරෝධතාව  අතරතුරදී විශාල පිරිසක් මාර්ගයට පැමිණ ඇති අතර එහිදී විරෝධතාකරුවන් සහ පොලිසිය අතර ද ප්‍රචණ්ඩකාරී ගැටුම් උද්ගතවී තිබේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 7800ක ට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ගෙන් සියයට හතළිහකට ආසන්න සංඛ්‍යාවක් ශිෂ්‍යයන් වීම විශේෂ කරුණකි. කෙසේ නමුත් හොංකොං රජය සහ චීන රජය අතර නිතරම විවිධ ගැටුම් ඇතිවන බව සියලු දෙනා දන්නා කරුණකි. කෙසේවෙතත් චීන රජයෙන් තමන්ට සාධාරණයක් ඉටු වනු ඇතැයි හොංකොං වැසියන් බලාපොරොත්තුවෙන් සිටියි.

- රිෂ්මි ඉෂාරා -