ඇදිරි නීතිය ලිහිල් කිරීමෙන් පසු බස් රථ ධාවනය සම්බන්ධයෙන් ලංගමය ප්‍රකාශ කර ඇත්තේ බස් රථ 5000 ක් සේවයේ යොදවන බවකි. මේ අතර පුද්ගලික බස් සංගම් අතර ප්‍රධාන සංගමය ලෙස සැලකෙන ලංකා
පුද්ගලික බස්රථ හිමියන්ගේ

සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සිය බස් ධාවනය ගැන මේසේ කියා සිටියේය.

'බලහත්කාරයෙන් අපට ධාවනය කරන්න බැහැ. අවශ්‍ය වේලාවේ අපි බස් හිමියන්ට ආරාධනය කරනවා විතරයි. ඔවුන් ආවොත් එම පැමිණීමේ ප්‍රතිශතය මත බස් ධාවනයට යොදවනවා.
අපි අනිවාර්යෙන්ම මගීන්ව ගන්නෙ මුඛ ආවරණ පැළද ඇතිනම් පමණයි. අපේ සේවකයිනුත් ඒවා පළදින්න ඕන. මොනම ආකාරයටවත් හිටගෙන හෝ තදබදයෙන් යාමට නොහැකියි.'