මීටදින 10 කට පෙර කොරෝනා ආසාදනයට ලක්වූ 55 හැවිරිදි බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් මීට පැය කිහිපයකට පෙර බ්‍රිතාන්‍ය වේලාවෙන් සඳුදා දහවල් ලන්ඩනයේ ශාන්ත තෝමස් රෝහලේ  දැඩි සත්කාර
ඒකකයට ඇතුළත් කර තිබෙන බව වාර්තා විය.

ඔහුට කොරෝනා ලක්ෂණ පහළවූ අවස්ථාවේදී ට්විටර් වීඩියෝවක පෙනී සිටිමින් ඔහු ජනතාවට ඒ ගැන දැන්වූ අතර දිගටම ඩවුනිං වීදියේ නිල නිවහනේ රැඳී සිටිමින් විවේක ගත්තේය. දිගටම කැස්ස සහ උණ ගතියෙන් ඔහු පෙළුණ බව බීබීසිය වාර්තා කර තිබේ. ඉරිදා සවස වනවිට ඔහුගේ තත්වය තරමක් දුර්වල වූ බැවින් ඔහු ලන්ඩනයේ ශාන්ත තෝමස් රෝහලට ඇතුළත් කරන ලදි. අනතුරුව කොරොන වයිරස් රෝග ලක්ෂණ “නරක අතට හැරීම” හේතුවෙන් අගමැති බොරිස් ජොන්සන් රෝහලේ දැඩි සත්කාර සඳහා යොමු කර ඇති බව ඩව්නිං වීදි ප්‍රකාශකයින් මාධ්‍ය වෙත දැනුම් දී ඇත.
 ඔහුට “විශිෂ්ට මට්ටමේ ප්‍රතිකාර” ලැබෙන බවද දන්වා තිබේ.
ජොන්සන් මහතා විදේශ ලේකම් ඩොමිනික් රාබ්ගෙන් ඉල්ලා ඇත්තේ “අවශ්‍ය අවස්ථාවන්හිදී” තමාගේ වැඩ බැලීමට නියෝජිතයෙකු පත් කරන ලෙසයි.
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ  “මගේ හොඳ මිතුරෙක් සහ අපේ ජාතියේ මිතුරෙක් ඔහුගේ සුවය සඳහා ඇමරිකානුවන් සියලු දෙනා යාඥා කරන” බවයි.