බණ්ඩාරගම කිම්මන්තුඩාව ප්‍රදේශයේ බොල්ගොඩ ජලාශයේ මන්නයා නැමැති මත්ස්‍යයන් පමණක් හිටි හැටියේ මිය යාම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව
බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

අඩියකට වඩා දිගින් යුත් විශාල ප්‍රමාණයේ මෙම මත්ස්‍යයන් කිම්මන්තුඩාව පාලම ආසන්නයේ සිට දෙපසට ගළා බසිනා බොල්ගොඩ ජලාශයේ තැන තැන මැරී සිටින අයුරු දැක ගත හැකිය.

මියගිය මත්ස්‍යයන්
සියල්න්ගේම ශරීරයේ තැනින් තැන කළු පාට ලප ආකාරයෙන් දක්නට ලැබෙන බවත් ජලාශයේ සිටින මත්සයින් අතරින් මෙම මත්ස්‍යයන් පමණක් මිය යාම සම්බන්ධයෙන් වැඩිදුරටත් සොයා බලන බවත් මිය ගිය මත්ස්‍යයන් කිහිප දෙනෙක් සහ ජල සාම්පල් රජයේ රස පරීක්ෂක වෙත යැවීමට කටයුතු කරන බවත් බණ්ඩාරගම මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්.කේ රුවන් මහතා වැඩිදුරටත් සඳහන් කරයි.