බදාදා මියගිය ගල්කිස්ස මැණික් ව්‍යාපාරිකයා නිසා මාර්තු මස මුල් භාගයේදී කොරෝනා රෝගය වැළඳුණ බවට තහවුරු වූ රත්නපුර මද්දුව මැණික් ව්‍යාපාරිකයා සහ ඔහුගේ බිරිඳත් දියණියත් මේවනවිට කොළඹ
අයිඞීඑච් රෝහලේ ප්‍රතිකාර ලබන අතර එම පවුලේ තවත් දෙන්නෙකුට දින 21 කට පසුව කොරෝනා රෝගය වැලදි ඇති බවට තහවුරුවි ඇත. මැණික් ව්‍යාපාරිකයාගේ 15 හැවිරිදි පුතුට හා 62 මවට මෙසේ කොරෝනා ඇතැයි අද දැනගන්නා ලදි. එසේ පළමු වරට රත්නපුර මුද්දුව කොරෝනා ආසාදිතයින් හමුවු පසුව, ඔවුන්ගේ සමීප ඥාතීන් සහ සමීපව ඇසුරු කළ අය 71 දෙනෙකු නිවෙස්වලම නිරෝධානයට ලක් කිරීමට මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහ සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් ඇතුළු සෞඛ්‍ය අංශ කටයුතු කර තිබුණි.
රත්නපුර මහ රොහලේ මේ මස 07 දින සිදුකළ පීසීආර් යන්ත‍්‍ර මගින් සිදුකළ සෙම පටල පරීක්‍ෂණයෙන් සහ අයිඞීඑච් රෝහල වෙත යොමුකළ සෙම පටල පරීක්‍ෂාවෙන් පසුව මෙසේ දෙවන වරට රත්නපුරයෙන් හමුවූ කොවිඞ් 19 වයිරස ආසාදිත රෝගීන් දෙදෙනා හඳුනාගත් බව රෝහල් බලධාරීන් පවසයි. මෙම කොවිඞ් 19 ආසාදිතයින් දෙදෙනාම කොළඹ අයිඞීඑච් රෝහලට වැඩිදුර ප‍්‍රතිකාර සඳහා යොමු කිරීමට කටයුතු කරන බව රත්නපුර ශීක්‍ෂණ රොහල් බලධාරීන් පවසයි.