කොරෝනා වයිරසයෙන් ආරක්ෂා වන බව විශ්වාස කරමින් ඉරාන වැසියන් 600 කට වැඩි පිරිසක් අධික සාන්ද්‍රණයකින් යුත් මත්පැන් පානය කිරීමෙන් මිය ගොස් ඇත.


ඉරානයේ තස්කම් ප්‍රවෘත්ති ඒජන්සිය උපුටා දක්වමින් ඉරාන අධිකරණයේ ප්‍රකාශකයෙකු වන ගුලාම් හුසේන් ඉස්මයිලි කියා සිටියේ, ඉස්ලාම් ඉගැන්විම් අනුව ඇල්කොහොල් තහනම් පානයක් නිසා මෙම මියගිය අය ඇල්කොහොල් වලට නුහුරු අයවලුන් බවත් අධි සාන්දනයෙන් යුතු ඇල්කොහොල් රෝගයට පිලියමක්ලෙස විශාල ලෙස පැතිරගිය ආරංචියක්වු බවත්ය.  විෂ  පානය කිරීමෙන් 3,000 කට අධික පිරිසක් රෝහල් ගත කර ඇති අතර මියගිය ගණන තවත් ඉහළයා හැකි බවද වාර්තා වේ.