කොරෝනා ආසාදිතයින් හදුනාගත් බේරුවල ඉහළ අවදානම් කලාපය තුල ගම්මාන 7ක් හුදකලා කලාප ලෙස නම්කර තිබෙනවා.

ඒ අතර චීන කොරටුව, පන්නිල, කරඳගොඩ, කංකානම්ගොඩ, වලතර අඹේපිටිය සහ අක්කරගොඩ යන ග්‍රාම නිලධාරී වසම් තුල පුද්ගලයින් 11,293 දෙනෙකු එම ගම්මාන තුල ස්වයං නිරෝධායනය කර ඇති බව බේරුවල ප්‍රාදේශීය ලේකම් චතුර මල්රාජ් මහතා සඳහන් කළේය.

එම ගම්මාන වලට ඇතුළුවීමට අවසර ඇත්තේ ආරක්ෂක සහ සෞඛ්‍ය අංශ වලට පමණි.

එම ගම්මාන වලට පිවිසෙන සියලුම මාර්ග අවහිර වන පරිදි හමුදා සහ පොලිස් නිලධාරීන් යොදවා ඇත.

බේරුවල ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශය තුල පමණක් මේවන විට කොරෝනා ආසාදිතයින් 35 දෙනෙකු වාර්තා වී ඇති බව ඒ මහතා සඳහන් කළේය.