යේ (28) හඳුනාගත් කොරෝනා ආසාදිතයින් ගැන වැඩි විස්තර අද දිනයේ වෛද්‍ය අනිල් ජාසිංහ මාධ්‍ය වෙත කරුණු දැක්වීය. ඊයේ 31 ක් හමුවූ අතර ඉන්  21 දෙනෙකු නාවික හමුදා භටයින්ද 4 දෙනෙක් යුද හමුදා භටයින්ද 6 දෙනෙක්
නාවික හමුදා භටයින්ගේ ස්පර්ශකයින් වූ පවුලේ හෝ අසල්වැසි අය බවද දන්වා සිටියේය.
මේ අය මුලදී හමුවූ තරම් ඊයේ වාර්තා නොවීම මගින් පිළිබිඹු කරන්නේ නාවික කඳවුරු වල ආසාදිත තත්වයේ පැහැදිලි පසුබැසීමක් බවද දන්වා සිටියේය. වැලිසර කඳවුරෙන් 15 ක් හා මැදිරිගිරිය අරණායක අගලවත්ත පොල්පිතිගම හබරණ ප්‍රදේශ වලින් මේ අය හඳුනාගෙන ඇති බව ඔහු දැන්වීය.
පවුල් වල සහ අසල්වැසි අයගේ රෝගී ප්‍රමාණය වැඩිවීම අවදානම් තත්වයක් ලෙස සලකන බවත් එය හැකි තරම් අවම කිරීමට මේ දිනවල පියවරගන්නා බවද කීය.
බන්ඩාරනායක මාවත හා කෙසෙල්වත්ත පොකුරු මේ වනවිට බොහෝදුරට මර්දනය කර ඇති බවද දැන්වීය.