ටේ විවෘත වීමක් ඇතිවුවහොත් ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 තත්ත්වය පාලනය සම්බන්ධයෙන් කවරක් සිදුවේදැයි  විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කර ඇත. එය මෙසේය.
“කොවිඩ් 19 පිළිබඳ සමාජ පැතිරීමක් නෑ. ඇතැම් කණ්ඩායම්වලට
මෙම රෝගය වැළඳී තිබෙනවා. එය
සීමා වුණේ දිගින් දිගට, දිගින් දිගට ගනු ලැබූ පියවර හේතුවෙන්.


මේ තත්ත්වය තුළ අපිට කියන්න බෑ කොරෝනා අවධානම සම්පූර්ණයෙන්ම පහව ගිය බව. අප විසින් ගෙනයනු ලැබූ වැඩපිලිවෙළ රටේ විවෘත වීමක් ඇතිවුවත් කරගෙන යන්න වෙනවා.

මේ රටේ කොවිඩ් 19 තත්තවය පාලනයට නතු කර ගෙන තිබෙනවා. අවධානම නෑ කියන එක එයින් අදහස්
වන්නේ නෑ.

අවධානමක් පවතිනවා නමුත් මේ පවතින පාලනය තවදුරටත් ගෙන යෑමෙන් මේ තිබෙන අවධානම් තත්ත්වය සම්පූර්ණයෙන් ඉදිරියට පහ කර ගැනීමට යම්කිසි කාලසීමාවක් තුළ අපිට හැකියාවක් ලැබෙයි.”