වයස 10 ට වැඩි අයට පමණක් මාරාන්තික බවට පර්යේෂණ වාර්තා පෙන්වා දී ඇති කොරෝනා වෛරසය නිසා මෙතෙක් මියගිය අය අතර ළාබාලතම මරණය ඇමරිකාවෙන් බ්‍රහස්පතින්දා වාර්තා විය. ඒ සති 6 ක්
වයසැති කුඩා බිළිඳෙකි.පසුගියදා කනෙක්ටිකට් රෝහලට ප්‍රතිකාර සඳහා ගෙන ගිය සති හයක් වයසැති දරුවා මෙලෙස මියගොස් තිබේ.
"අලුත උපන් බිළිඳා COVID-19 ධනාත්මක බව ඊයේ රාත්‍රියේ කළ පරීක්ෂණයෙන් සනාථ විය
දරුවා පසුදාම මියගියා මෙය ඇත්තෙන්ම හද කම්පා කරවන සුළුයි." යනුවෙන් ප්‍රාන්ත ආණ්ඩුකාර නෙඩ් ලැමොන්ට් ට්වීට් කළේය.
මෙම ලිපිය පළවන අවස්ථාව වනවිට එක්සත් ජනපදයේ පුද්ගලයින් 5768 ක් මියගොස් ඇති බව සංඛ්‍යාන වාර්තා සඳහන් කර තිබුණි. මේ වනවිට වෛරසයේ බලපෑමෙන් එක්සත් ජනපදය ලොව ඉදිරියෙන් සිටී.
කොරෝනා ආසාදනය නිසා මියගිය අය ගැන චීනයේ දත්ත සගවා තිබෙන පසුබිමක ළබාලතම මියගිය ආසාදිතයා ලෙස මීට ඉහත එංගලන්තයේ වයස 13 පිරිමි දරුවෙකු ගැනත් බෙල්ජියමේ වයස 12 ගැහැණු දරුවෙකු ගැනත් වාර්තා පළවිය.