පාන ‘යෙන්’ හා ඇමෙරිකානු ඩොලරයෙහි අගය රුපියලට සාපේක්ෂව පසුගිය මාර්තු 20 වැනිදායින් පසුව අධික ලෙස ඉහළ යෑම නිසා සියලු වාහනවල මිල ගණන් සියයට දහයත් පහළොවත් අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇතැයි
ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති රංජන් පීරිස් පවසයි.
 මෙලෙස විනිමය අනුපාතිකයන් ඉහළ යෑමත් සමග මෙතෙක් කල් ‘සුඛෝපභෝගී බද්දට’ යටත් නොවූ සාමාන්‍ය මධ්‍යම පාන්තිකයන් අතර ප්‍රචලිත සී.සී. ධාරිතාව 1000 නො ඉක්මවූ වාහන සඳහා ද
‘සුඛෝපභෝගී බද්ද’ ගෙවීමට සිදුව ඇති බව ඔහු කියයි.
පවතින අයහපත් තත්ත්වය යටතේ ප්‍රදර්ශනාගාර මාස ගණනක් වසා තැබීම හේතුවෙන් ඇඳිරි නීතිය පවතින කාලය තුළදී හෝ බැංකු ණය මත පනවා තිබෙන පොලිය ඉවත් කරන මෙන් සංගමයක් ලෙස බැංකුවලින් ඉල්ලා ඇති නමුත් මේ වන තුරුත් බැංකු ඒ සඳහා යහපත් ප්‍රතිචාරයක් ලබා දී නොමැති බවත් සභාපතිවරයා වැඩිදුරටත් පවසයි.
ඒ අනුව පහත පරිදි වාහන මිල වැඩි වන බව ඔහු සඳහන් කරයි.

ටොයෝටා විට්ස් – රුපියල් ලක්ෂ 45 – 50
ටොයෝටා පැසෝ – ලක්ෂ 38 – 42
ටොයෝටා ප්‍රිමියෝ – ලක්ෂ​ 90 – 95
ටොයෝටා ඇක්සියෝ – ලක්ෂ 75 – 78
ටොයෝටා CHR – ලක්ෂ 80 – 85
හොන්ඩා CRV – ලක්ෂ 120 – 125
ටොයෝටා ඩබල් කැබ් – ලක්ෂ 120 – 125