පිළියන්දල, නිවන්තිඩිය, ග‍්‍රාමෝදය මාවත ප‍්‍රදේශයෙන් (20) වන දින රාතී‍්‍රයේදි හමුවු මාළු
ව්‍යාපාරික කොරෝනා වෛයිරසය ආසාදිත පුද්ගලයා සම්පුර්ණයෙන් සුවය ලබා (25) දින සවස තම නිවසට
පැමිණි බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි
වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා පැවසීය.

තිස්තුන් හැවිරිදි මෙම පුද්ගලයාට කොව්ඩ් 19 වෛරසය ආසාදනයවු බවට රසයනාගාර වාර්තා අනුව
තහවුරුවීමත් සමග ආසාදිත මෙම රෝගියා අංගොඩ අයි.ඩී.එච් රෝහලට 20 වන දින රාත‍්‍රීයේ ඇතුලත්
කළ බවත් ඉන් අනතුරුව (21) වන මෙම පුද්ගලයාගේ ජෛයිව පටල සාම්පල ගෙන අයි.ඩී.එච් රෝහලෙන්
පරික්ෂා කළ පසුද කොවිඩි 19 වෛයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වු බවත් දින පහක් තුලදි ලබාදුන්
ප‍්‍රතිකාර අනුව සහ මෙම පුද්ගලයාගේ ශරිරයේ ඇති ප‍්‍රතිශක්තිකරන ගුණය වැඩි බැවිනුත් කොවිඩ් 19
වෛරසය සම්පුරණයෙන් ශරිරයෙන් ඉවත්වී රෝගය සුව වී ඇතැයිද වෛද්‍යවරයා පැවසීය.

මෙම රෝගියා හමුවීමත් සමග සිදුකල පරික්ෂාවන්හා විමර්ශන වලින් මත්ස්‍ය ව්‍යාපාරික පුද්ගලයා ළගින්ම
ඇසුරු කල විසිතුන් දෙනෙකුගේ (23) ජෛයිව පටල සාම්පල් ලබාගෙන ඔවුන් සියලූ දෙනා වැලිසර ඇතුළු
නිරෝධායන මධ්‍යස්ථාන කිහිපයකට ඇතුලත් කර සිටියදි ඉන් එකොලොස් දෙනෙකුට (11) වෛරසය ආසාදනයට ලක්වී නොමැති බව පරික්ෂණ වාර්තා අනුව තහවුරුවීමත් සමග එම පුද්ගලයින් නිරෝධායන කඳවුරුවලින් පැමිණ ඔවුන්ගේ නිවාස තුලම නිරෝධායනය සදහා යොමු කළ බවත් අනෙක් පුද්ගලයින් දොලොස් දෙනාටද වෛයිරසය ආසාදනය වී නොමැති බව රසායනාගාර පරික්ෂණවලින් තහවුරුවු පසු (24) වන දින රාත්‍රී නිරෝධායන මධ්‍යස්ථාන වලින් නැවත එවිමට සෞඛ්‍ය අංශ පියවරගෙන තිබු බවත් එම පුද්ගලයින් නිරෝධායන නීතිය යටතේ නැවත දින 14ක් තම නිවාස තුලම නිරෝධායනයට යොමු කල බව ද වෛද්‍යවරයා පැවසීය.

මෙම මත්ස්‍ය ව්‍යාපාරික පුද්ගලයාද නිවසට පැමිණිමෙන් අනතුරුව (25) වන දින පටන් නිරෝධායන
නීතියට යටත්ව නිවන්තිඩිය ග‍්‍රාමෝදය මාවතේ පිහිටි තම නිවසතුලම දින 14 ක් නිරෝධායනයට යොමු කල
බවත් මෙම පුද්ගලයා සමග කොස්ගෙඩි රැගෙන ගිය නිවන්තිඩිය සොලමන් මාවත ප‍්‍රදේශයේ තරුණයා සහ
එම තරුණයාගේ මවගේ ජෛයිව පටල සම්පල ලබාගෙන සිදුකල පරික්ෂාවන්ගේ රසායනාගාර වාර්තා තවම නොලැබීම හෙතුවෙන් එම පුද්ගලයින් පිළිබද ප‍්‍රකාශයක් සිදුකල නොහැකිබවද වෛද්‍යවරයා පැවසීය.

කොවිඩ් 19 ආසාධිත පුද්ගලයා සුවය ලබා නිවසට පැමිණිමත් සමග පිළියන්දල නිවන්තිඩිය ප‍්‍රදේශයේ
ජනතාව තුල තිබු කොවිඩ්19 රෝගය පිළිබඳ බියසංකා දුරුවී ගියත් ඒ පිළිබඳව අඩු සැලකිල්ලක් නොදක්වා
මෙම රෝගය ගැන වැඩි අවධානයක් යොමුකර තවදුරටත් නිවාස තුලටවී සිටීමට වග බලාගන්නා ලෙසත්
පිළියන්ඳල ජනතාවගෙන් වෛද්‍යවරයා ඉල්ලීමක්ද සිදුකලේය.

නිඳුවර අබේසිංහ