පසුගියදා රජය මගින් අඩු ආදායම්ලාභි පවුල් සඳහා පිරිනමන්නට තීරණය කළ රුපියල් 5000 දීමනාව ග්‍රාම නිලධාරීන් හරහා ජනතාව වෙත බෙදාදීම ක්‍රියාත්මක වූවද එය කරගෙන යද්දී ඇතිවූ ගැටලු මත ග්‍රාම නිලධාරීන් එම බෙදාදීමෙන් ඉවත් විය.

ආධාර වැඩසටහන රජයේ නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් දේශපාලනීකරණය කර ඇති බවටත්  ග්‍රාම

නිලධාරීන් ලබාදුන් නිවැරදි නම් ලයිස්තු නොසලකා තම තම පාක්ෂිකයින්ට බෙදීමට සමෘද්ධි සංවර්ධන නිලධාරීන් හරහා මෙම රුපියල් 5000 මුදල ගෙවීමට රජය තීරණය කර තිබීමත් ග්‍රාම නිලධාරීන්ගේ විවේචනයට හේතු විය.
මැතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇති අවස්ථාවක මෙම වැඩසටහන දේශපාලනික මුහුණුවරක් ගැනීමට
උත්සාහ දරන බැවින් ග්‍රාම නිලධාරීන් මෙම මුදල් ලබා දීමේ වැඩසටහනෙන් ඉවත් වීමට තීරණය කළ
බවද ඔවුහු පැවසුහ.
කෙසේ වෙතත් එසේ ඉවත්වූ පසු ඔවුන් නැතිව මෙම වැඩසටහන කරගෙන යන්නට අපහසුවූ නිසා ජනාධිපති කාර්ය සාධක බලකාය එය විසදන්නට මැදිහත්වූ අතර පැවති සාකච්ඡාකින් පසු එම තීරණය වෙනස් කළ බව එම සංගමය අද සන්ධ්‍යාවේ සඳහන් කළේය.
 මේ සම්බන්ධයෙන් එක්සත් ග්‍රාම නිලධාරී සංගමය හා සමස්ත  ලංකා නිදහස් ග්‍රාම නිලධාරී සංගමය
අමාත්‍යාංශ ලේකම්වරයාද දැනුවත් කර සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද නොමැති වීම හරිගස්සා දේශපාලනීකරණයෙන් ආධාර වැඩසටහන ඉවත්කළ නිසා
රුපියල් 5,000 දීමනාව ගෙවීමේ රාජකාරි යළි ආරම්භ කිරීමට ග්‍රාම නිලධාරීවරුන් එකඟ වූ බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරීවරුන්ගේ සංගමය පවසයි.